රසගුණ පිරි චොක්ලට්



චොක්ලට් වලට අපි හැමෝම ගොඩක් ආසයි. විශේෂයෙන්ම ගෑණු ළමයි මාත් එක්ක මේ සම්බන්ධයෙන්  එකඟ වෙනවා ඇති.

 අපි හැමෝම රස බලන මේ චොක්ලට් වල අතීතය ගැන ඔයාලා දන්නෙ නැතුව ඇති නේද?

මායා ශිෂ්ටාචාරයේ වැසියන් සහ ඇස්ටෙක්වරු ක්‍රිස්තු පූර්ව 600දී විතර චොක්ලට් ආහාරයට ගැනීමට මූලාරම්භය දීලා තියනවා. එයාලා චොක්ලට් ඇත්තටම පානයක් විදියට තමයි භාවිතා කරලා කියෙන්නේ නම්. මේ චොක්ලට් වල තියෙන රස ඒ වගේම ගුණ නිසාම ඔවුන් වැඩි වශයෙන් චොක්ලට් පානය ගැනීමට පුරුදු වෙලා තියෙනවා.

චොක්ලට් හදන්නේ කොකෝවා ශාකයේ ඵල වල ඇට වලින්.



චොක්ලට් වල තියන රසය වගේම ගුණයත් ඉතාම වැදගත්. අපේ මොළයට ඉතා වැදගත් සංයෝගයක් චොක්ලට් වල අඩංගු බව මෑත කාලයේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා.

            අතීතයේ තොරතුරු වලට අනූව ශක්තිජනක පානයක් විධියට චොක්ලට් එදා ඉදලාම පාවිච්චි කරපු බව හෙළිවෙනවා.

මෙමගින් ඔයාට හෘදරෝග ඇතිවීමට තියන අවදානම අඩුකරන බව තමයි වෛද්‍ය මතය වෙලා තියෙන්නෙ.

            චොක්ල‍ට් තුළ විටමින් A, B, C, D අඩංගු වෙනවා. ඒ හින්දා චොක්ලට් නිතර භවිතා කරන පුද්ගලයා හොඳ සංවේදී පුද්ගලයෙකු බවත් සොයාගෙන තියෙනවා.

            විවිධ රටවල මිනිසුන් චොක්ලට් වලට ඇති ඇල්ම නිසාම ඒවා වෙනුවෙන්ම විවිධ උත්සව පවත්වනවා. මේ උත්සව වලදී චොක්ලට් ආහාරයට ගන්නවා වගේම ඇඟ පුරාම තවරා ගන්නවා ඔයාලා දැකලා ඇති. ඔවුන් එහෙම කරන්නේ මේ රසබර ආහාරය මඟින් මිනිසාගේ මානසික සුවතාව වාග්ම චොක්ලට් ආලේපනයෙන් සම දීප්තිමත් වන බව දන්න හින්දයි.

චොක්ලට් වගේ පැණි රස අධික වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා අද වන විට ඔයත් තරබාරු වීම, දත් දිරා යාම, දියවැඩියාව වගේ රෝගී තත්වයන් ගැන බයෙන් නේද ඉන්නෙ? නමුත් ඉතිහාසය දිහා බැලුවාම බොහෝ දෙනා චොක්ලට් කැමට සහ බීමට ප්‍රිය කළ බව තමයි පෙනෙන්නට නම් තියෙන්නෙ.

            කොකෝවා වලින් නිපදවනු ලබන චොක්ලට් මුලින් දියරයක් විධියට නිපදවුවත් පස්සෙ කාලෙ පෙති විධියට නිපදවන්න පටන්ලත්තා.

අද වන විට දියුණු තත්වයෙන් කජු, රටකජු, කිරි, පලතුරු, රම්, වයින් මිශ්‍රකරලා විවිධ හැඩයෙන් සහ විවිධ රසයෙන් විවිධ ද්‍රව්‍ය යොදලා මේ චොක්ලට් සකස් කරනවා. වවිධ ආහාර රස ගැන්වීමට වගේම අතුරුපසක් ලෙසත් මේවා අපි භාවිතා කරනවා.

ලෙඩරෝග ඇති කරන ආහාරයක් ලෙස ප්‍රසිද්ධ මේ රසවත් ආහාරය ඇත්තෙන්ම ගුණදායක බව ඔයා දැන් දන්නවා.

කොහොම වුනත් පමණට වඩා ගුණදායක දේවල් වුනත් ආහාරයට සුදුසුත් නැහැනෙ. රසායන ද්‍රව්‍ය යොදලා අද කාලෙ හදන චොක්ලට් වුනත් ප්‍රමාණයක් ඇතිව ආහාරයට ගන්නා තරමට හොඳයි.


      ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවොන්ට දැනගන්නත් එක්ක යාළුවො අතරත් මේ ලිපි Share කරන්න අමතක කරන්න එපා..

  එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හම්බුවෙමු.  J J J J
           


No comments:

Post a Comment