කොලොස්ට්‍රරෝල් අඩු කරන ආහාර පුරුදු


අද කාලෙ බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ කොලොස්ටරෝල් කියන්නෙ. ඇත්තටම මොනවද මේ කොලොස්ටරෝල්?

අපේ ශරීරයට අවශ්‍ය වුනත් පමණ ඉක්මවා ගැනීමෙන් ඉතාමත් අහිතකර ලෙස මේදය ඇති කරන ද්‍රව්‍යයක් තමයි කොලොස්ටරෝල්. 

කොලොස්ටරෝල් වැඩි වුනාම අපේ ශරීරයෙ තියන ‍මේද ප්‍රමාණය වැඩිවෙලා අපිව මහත් වෙනවා. ඊට පස්සෙ අපේ ඇඟේ රෝග වලට ඔරොත්තු දෙන්න තියන හැකියාව ( අපි ඒකට කියන්නෙ ප්‍රතිශක්තිය කියලා ) අඩු වෙනවා. මේ නිසා ප්‍රධාන වශයෙන් අද කාලෙ බහුලව අහන්න ලැබෙන හෘද රෝග, රුධිර වාහිනී අවහිර වීමෙන් ඇතිවෙන අංශභාග තත්ව රෝගීන්ට වැළඳෙනවා.

මම අද ඔයාලාට කියන්න යන්නේ මේ කොලොස්ටරෝල් අඩු කරන ආහාර පුරුදු ටිකක් ගැන. තොරතුරු ටිකක් වුනත් බලන්නකෝ .......... මේවා ඔයාටත් ගොඩක් වැදගත් වේවි.

01.               සත්ත්ව තෙලින් සකස් කරන ආහාර වර්ග වගේම ශාක තෙලින් කරන ආහාර වර්ග අපේ ආහාර වේල් වල අඩංගු වෙනවා. සත්තව තෙල් වල අඩංගු වෙන්න සංතෘප්ත මේදය. ඒ වුනාට කොලොස්ටරෝල් පාලනය කර ගෙන ඉන්න ඕනි නම් බටර්, චීස්, කිරි  වෙනුවට අසංතෘප්ත මේදය සහිත එළවළු තෙල්, මාගරීන් වගේ ආහාර ඔයාගෙ ආහාර වේලට එකතුකර ගන්න.

02.   සංතෘප්ත මේද අම්ල බොහෝ සෙයින් අඩංගු පොල් පරිහරණයේදී සීමා වෙනවා වගේම සත්තව මාංශ වෙනුවට එළවළු මේදය අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමත් වැදගත්.


03.   හොදි  එහෙමත් නැතිනම් ව්‍යංජන සෑදීමේදී මිටි කිරි වලට වඩා දිය කිරි සහ ජලය භවිතා කිරීම කොලොස්ටරෝල් මට්ටම අඩු කර ගැනීම   සඳහා ගන්න පුළුවන් තවත් එක පියවරක්.

04.   ඔයා ගොඩක් තේ කෝපි පානය කරන කෙනෙත් නම් දිනකට තේ හෝ කෝපි තුන්වරක් පමණ පානය කිරීමත් සෝයා නිශ්පාදන, කෙදි සහිත  ආහාර පරිභෝජනයට ගැනීමත් වැදගත්.


05.   ඒ වගේම තමයි හුරුල්ලො, සාලයො, සැමන් වගේ මාළු තව කරපිංචා, ගොටුකොළ වගේ කැඳ වර්ග වල භාවිතයෙනුත් කොලොස්ටරෝල් පාලනය කර ගත්ත ඔයාට පුළුවන්.

06.   චොක්ලට්, සීනි අධික ආහාර, ක්ෂණික ආහාර වලට ඔයා පුරුදු වෙලා නම් දැන් ඉදලාම ඒවායින් ඈත් වෙන්නත් ඔයා අමතක කරන්න එපා.


    ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවොන්ට දැනගන්නත් එක්ක යාළුවො අතරත් මේ ලිපි Share කරන්න අමතක කරන්න එපා..


    එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හම්බුවෙමු.  J J J J

No comments:

Post a Comment