කෙනෙක් ඔයාගෙ රූ සපුව වර්ණනා කරනවා නම් ඒක ඔයාට මොනතරම් සතුටක්ද නේද? රුව වැඩි කරගන්න අද කරගන්න ගැහැණු ළමයි තමයි වැඩිපුර මුදල් සහ ශ්‍රමය වැය කරන්නේ. ඒත් විනාඩියකට හිතලා බලන්න. ඔයා නිය ආලේප වලට මුහුණේ ආලේප වලට තොල් ආලේප වලට වෙහෙසුනත් ඔයාගේ දෙපා ගැන සැළකිලිමත් වුනාද?  
එදිනෙදා කප්පරක් වැඩ ඔයාට කරන්න ඇති.සැතපුම් ගණන් දුර ඇවිදවමින් ඔයාව ඔයාගෙ ඉලක්ක කරා ගෙන ගියපු ඔයාගෙ දෙපා හොඳින් නඩත්තු කළේ නැතිනම් දෙපා ගෙවී යාම් වලට සහ නොයෙක් රෝග තත්ව වලට මුහුණ දීමට සිදුවෙනවා.
මේ ලිපිය,  ඔයාගෙ කකුල් රැක ගන්නේ කොහොමද කියලයි.

අපි මුලින්ම බලමු පාද වල ආබාධ හටගන්නේ කොහොමද කියලා

අද සමාජයේ බහුලව දැකිය හැකි ලක්ෂණයක් තමයි පාද වල ආබාධ.මේවාට හේතු වෙන්නේ මොනවද කියලා ඔයාලා දන්නවත් ඇති.

01.  අඩිඋස පාවහන් පැලදීම

    මෙය අද කාලෙ විලාසිතා කරන හින්දා ඇති වන සුලබ තත්වයක්. අඩි උස පාවහන් පැලදුවාම අපේ ශරීරයේ බර සමතුලිතව තබා ගැනීමේ අපහසුවක් ඇති වෙනවා.මේ නිසා දෙපා වල දණහිසින් පහළ නොයෙක් ගැටළු ඇති වෙනවා.

  1. දණහිස වේදනාව
  2. බත් කෙණ්ඩ වේදනාව
  3. විලුඹ සන්ධි වේදනාව
  4. පාදයේ ඇඟිලි වල වේදනාව

ඇති වෙන්නේ අඩි උස පාවහන් පැලදීම නිසයි.

මෙම වේදනා බොහෝ කාලයක් පවතින අතර  මේ නිසා ආතරයිටිස් වැනි තත්ව ඇතිවිය හැකියි.


02.     නොගැලපෙන පාවහන් පැළදීම.

නවීන විලාසිතා අනූව දෙපයට තද පාවහන් පැලඳීම පසුකාලීන ආබාධ වලට හේතු වෙනවා.

03.        ඉරුණු මේස් භාවිතය
මේ නිසා පාදයේ සම සහ සපත්තුව අතර ගැටීම නිසා ආබාධ ඇති වෙනවා.
  1. සමේ රතු පාට බිබිලි ඇතිවීම
  2. සම රතු පාටට දිස් වීම
  3. පාදයේ සම කළු පැහැ වී දද ඇතිවීම
  4.  සහ තුවාල වීම

මේ නිසා සිදු වෙන්න පුළුවන් සුලබම ආබාධ වලින් කීපයක්.


04.  විවිධ රෝග නිසා වුනත් පාද වල රෝග ඇති වෙන්න හැකියාවක් තියනවා.

  1. දියවැඩියා රෝගය
  2. සන්ධි රෝග
  3. නිසි පොෂණයක් නොලැබීම
  4. ඒවාට නිදසුන් විදියට දෙන්න පුළුවන්.


ඔයාගෙ දෙපා ආරක්ෂා කර ගන්නේ කොහොමද?

  •  දෙපා සේදුවට පස්සෙ රෙදි කැබැල්ලකින් තෙත නොරුදෙන විධියට විශේෂයෙන් ඇඟිලි කරු අතර පිස දමන්න මතක තියා ගන්න.

  • සතියකට වරක්වත් ඔයාගෙ පාද වල නියපොතු කපන්න.

  • ඔයා නෑවට පස්සේ නියපොතු කපන්න පුරුදු වෙන්න. ඒ වගේම නියපොතු රවුමට නැතිව කෙලින් කපන්න පුරුදු වෙන්න.
  • සුමුදු සබන් වර්ග පා සේදීමට යොදාගන්න.

  • වෙනම බුරුසුවකිත් නියපොතු මදින්න.


සපත්තු මිලදී ගන්නකොට මෙන්න මේ කරුණු ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න.

ඔයාට ඒ වගේම ඔයාගෙ පාද වලට ගැලපෙන සපත්තු පමණක් තෝරාගන්න. ඔයාගෙ යාළුවො දාන හින්දා වත් style එක නිසාවත් පාවහන් වලට වහල්වෙන්න එපා.
ඔයා තොරාගන්න සපත්තුවේ ඉදිරිකොටස පාදයේ ඇඟිලි වල‍ට ගැලපෙන විදියට පළලින් සහ ගැඹුරින් යුක්ත වෙනවද කියලා බලන්න.
ඔයා භාවිතා කරන සපත්තු හොඳින් අවුවේ වේලා ගන්න.
දවස තුළ හැකි හැම වෙලාවෙම සපත්තු ගලවාගෙන ඉන්න.
මූට්ටු නොමැති සපත්තු පළදින්න.

ඔයා මේස් පාවිච්චි කරනවාම්,

  1. දිනපතා මේස් මාරු කරන්න.
  2. ලොම් සහිත කපු මේස් පාවිච්චි කරන්න.
  3. ඉරුණු මේස් පැළඳිමෙන් වලකින්න.


මේ උපදෙස් පිළිපැද්දොත් ඔයා‍ටත් අලංකාරවත් ඒ වගේම නිරෝගී දෙපා යුගලකට හිමිකම් කියන්න පුළුවන්. ඔයාගෙ සෞඛ්‍යය තත්වය හොඳින් පවත්වාගෙන යන්නත් මේ ඔවදන් මනා පිටුවහලක් වේවි.

ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවොන්ට දැනගන්නත් එක්ක යාළුවො අතරත් මේ ලිපි Share කරන්න අමතක කරන්න එපා..

එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හම්බුවෙමුJ J J J


                                    

No comments:

Post a Comment