නොඇලෙන බඳුන් අද ගෘහණියන්ගේ සැබෑ වූ සිහිනයක්. ඉතා පහසුවෙන් පිරිසිදු කිරිමට හැකි වීමත් අඩු තෙල් ප්‍රමාණයක් යොදාගෙන කෑම පිසීමට හැකි වීමත් නිසා නොඇලෙන බඳුන් හරිම ඉක්මනට ජනප්‍රිය වුනා.

 අපේ රටෙත් යමක් කමක්ඇති උදවිය මේ Non Stick Pan පාවිච්චි කළත් බටහිර රටවල නම් ස්ථිර මුළුතැන්ගෙයි මෙවලමක් බවට පත්වෙන්න Non Stick Pan වලට හැකියාව ලැබිලා තියනවා. වාර්තාවෙන විදියට ඇමෙරිකාවෙ 95% කගේම තේරීම නොඇලෙන බඳුන්.

ඒත්.........  Non-Stick Pan, විශේෂයෙන්ම මේවා නිපදවීමට ගන්නා ටෙෆ්ලෝන් (Teflon) නම් රසායනිකය අධි උෂ්ණත්වවලදි සෞඛ්‍ය ගැටළු රැසක් ඇති කරන නිසා.

Teflon නැමැති ලිස්සන සුළු තාප ප්‍රතිරෝධී දුව්‍ය සොයා ගැනීමේ ගෞරවය 1938 - Dupont සමාගමේ සේවය කරපු රසායනඥ රෝයි ප්ලෙන්ටේට හිමිවෙනවා.  මෝටර් රථ කර්මාන්තයේ බෙයාරින් නිපදවීමට මුලින්ම යොදාගත් Teflon මුළුතැන්ගෙයි උඳුන් සඳහා යොදන්න සුදුසුයි කියලා නිර්දේශ වුනේ 1960 වර්ෂයේදි.

අධික උෂ්ණත්වයේදී සිදුවන වින්නැහිය



 මේ බඳුන් සේනට්‍රිග්‍රේඩ් අංශක 600º ක් ඉක්මවා රත් කළාම Teflon ස්ථරය බිඳ වැටී Perfluzorooctanoic acid  නැතිනම් PFOA නම් රසායනිකය මුදාහැරෙන බව අණාවරණය වුනා.

Teflon කර්මාන්තයේ තිඹීරි ගෙදර ලෙස සැලකෙන Dupont සමාගාම් සේවකයන් අතර මේ PFOA දුමාරය ආඝ්‍රාණය හේතුවෙන් යම් යම් උණ රෝග ඇති වඋ බව වාර්තා වුනා. මේ රෝගය කොතරම් සුලබ වුනාද කියනවා නම් එය හැඳින්වුනේ polymer-fume-fever යන නමින්.

මේ හැරුණු විට සතුන් යොදාගෙන කරලා තියන පරික්ෂණ වලට අනූව ඉහළ උෂ්ණත්ව වලදී Teflon වියෝජනයට ලක්වීමෙන් මුක්ත වවන දුමාරය මගින් එම සතුන් තුළ පිළිකා, ප්‍රතිශක්තිකරණ රෝග තත්ව සහ මරණය පවා ඇතිවෙලා තියෙනවා. මේ හැම දේටමත් වඩා ඇමරිකානු වැසියන්ගෙන් 95%කගේම රඅධිරයේ PFOA සොයා ගැනීමට හැකිවෙලා තියෙනවා.

Dupont කර්මාන්තශාලාව පිහිටි ඇමරිකාවේ ඔහියෝ නදිය අසබඩ දකුණු වර්ජීනියාවේ වැසියන් 50000කට අධික සංඛ්‍යාවක් මේ සමාගමට විරුද්ධව උසාවි ගියා. මෙකී කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය හින්දා තමන්ගේ සුවසෙතට බලවත් තර්ජන මතුවෙලා තියෙනවා කියලත් ප්‍රදේශයේ මළ දරු උපත් පවා වැඩිවී තිබෙන බවත් පැමිණිලිකරුවන් උසාවියට දැන්වුවත් ඔවුන්ගේ කරුනු නම් ඔප්පු වුනේ නැහැ.

නමුත් PFOA විමෝචනය වන කර්මාන්තශාලාවක් හැටියට ඔවුන් ඒ වන විටත් අවබෝධ කරගෙන ඉඳපු කරුණු 08ක් පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් නොකිරීමේ වරදට හම සමාගමට ඩොලර් මිලියන 107.6 ක වන්දියක් ගෙවීමට සිදුවුනා.

මේ නඩු තීන්දුව සමඟින් ඇමරිකාවේ පරිසර ආරක්ෂක අධිකාරිය PFOA වායුව මුදා හරින ඇමරිකාවේ කර්මාන්ත ශාලා 07ක‍ට ආරක්ෂාකාරී විධි විධාන යෙදීමට නියම කෙරුවා.

ආරක්ෂාකාරී භාවිතයට උපදෙස්
  
            ඔයාගෙ ගෙදරත් මේ නොඇලෙන බඳුන් තියෙනවා නම් භාජනට මුකුත් නොදා රත් කරන්න එපා.
            ඒ වගේම අධිකව රත් වෙලා තියෙන බඳුනක් ඇල් වතුර‍ට දාලා සිසිල් කරන්න යන්නත් එපා.


මේ දේවල් හරි ආකාරයෙන් පිළිපැද්දොතින් නොඇලෙන බඳුන් ආරක්ෂිත භාවිතය නිසා ඔයාගෙත් ඔයාගෙ පවුලෙ අයගෙත් සෞඛ්‍යය හොඳින් ආරක්ෂා වේවි.


ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවොන්ට දැනගන්නත් එක්ක යාළුවො අතරත් මේ ලිපි Share කරන්න අමතක කරන්න එපා..

එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හම්බුවෙමු.  J J J J



No comments:

Post a Comment