ආදරයේ රසායන විද්‍යාව හඳුනාගනිමු



ඔයාගෙ ජීවිතකාලයේ වැඩිහරියක් ඔයාට ගතකරන්න වෙන්නේ ඔයාගෙ සහකාරිය හෝ සහකරුවා එක්ක.

අපි අපේ දෙමාපියො එක්ක ජීවත්වෙන්නේ උපරිම වශයෙන් අවුරුදු 30යි. ඒත් ගැහැණු ළමයෙක් නම් ඒ තරම් කාලයක් ඉන්නේ නැහැ. තමන්ට ගැලපෙන සහකරුවෙක් / සහකාරියක් තෝරා ගැනීම කෙනෙකු ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණය වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. මේ තීරණයට බලපාන හේතු මොනවාද?

ඇත්තටම කරුණ තරුණියන් බොහෝදෙනා විවාහ වෙන්නෙ ආදර සම්බන්ධතා තුළින්. මේ ලිපිය කියවන ඔයාටත් ලිපිය ලියන මටත් ඒ කාරණාව හරිම පොදුයි. වාර්තා සහ සමීක්ෂණ වලට අදාළව අපේ රටේ විවාහ ජීවිතය අවුල් වුන 98%ක්ම යෝජිත විවාහ හරහා විවාහ වුන අය.ආදර සම්බන්ධතා වලින් වුන විවාහයන් මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ ඔවුන් අතරේ විවාහයට කළින් ඉඳලාම තියෙන අවබෝධය නිසයි. ප්‍රශ්න, ගැටළු ඇති වුනත් ඔවුන් ඒවා විසඳගෙන හිටියායත් වඩා සතුටින් ඔවුන් ඉන්නවා ඔයාලත් දැකලා ඇති.

මේ වෙනස වෙන්නේ ඇත්තටම කොහොමද? යෝජිත විවාහ වලට වඩා ආදර සම්බන්ධතා මත පදනම් වුනු විවාහ සාර්ථක වෙන්නේ ඇයි?

 මෙන්න මේ ප්‍රෂ්ණ වලට අද ඔයාලාට මේ ලිපිය කියවලා උත්තර හොයාගන්න පුළුවන් වේවි.

ඔයාගෙ හඳ බැඳුණු සහකාරිය හෝ සහකරුවා හොයාගන්න කාර්යය ඇත්තටම අතිශය විද්‍යාත්මක ක්‍රියාවලියක්.
පුදුම හිතෙනවා නේද? මේක හරිම සංකීර්ණ කාරණයක්. මෙහි එක් කොටසක් අපේ හැඟිම්, සංජානන වලට හේතු වෙනවා. නමුත් විශාල කොටසක් සම්පූර්ණ කරන්නේ අපේ ප්‍රවේණිය යි.


මුලින්ම අපි බලමු සහකරුවෙකු තෝරාගැනීමේදී අපි සැළකිලිමත් වෙන කරුණු ගැන.

බොහෝමයක් පිරිමින් තමන්ගේ පෙම්වතිය සුන්දර සිරුරක් තියෙන, ආකර්ෂණීය, තමන් කියන දේට ඇහුම්කම් දෙන කාරුණික අවංක යුවතියක් වෙන්න ඹ්නි කියලා හිතනවා. මේ සියල්ල එකතු කර ගත්තාම පිරිමින් තමන්ගේ සහකාරියගෙන් බලාපොරොත්තු වෙන්නෙ තාරුණ්‍යය සහ දරුවන් වැදීමේ හැකියාවයි. ( Youth & Fertility )

කාන්තාවන් නම් තමන්ගේ පෙම්වතාගෙන් බලාපොරොත්තු නෙ දේවල් මීට වඩා වෙනස්. තමන්ව ආරක්ෂා කරන, තමන් ගැන වදවෙන, තමන් කොච්චර අවලස්සන වුනත් තමන්ව ලස්සනට දකින අවංක කෙනෙක්ට තමයි ඔවුන් කැමති. ඒ වගේම පුළුල් උරහිස්, ශක්තිමත් දෑත්, තියුණු ඇස් තමන්ගේ සිත බැඳි පිරිමියාගෙන් දකින්න තරුණියන් කැමතියි. මේ ලක්ෂණ ඔක්කොම එකතු කර ගත්තාම කාන්තාවන් තමන්ගේ සහකරුගෙන් බලාපොරොත්තු වෙන්නේ උසස් ලිංගික ශක්තිය සහ යහපත් ප්‍රවේණියයි. (Sexual Potency & Good Genes)

මේ දේවල් විද්‍යාවේදී පැහැදිලි කරන්නේ මෙහෙමයි.

Mojor Histocompatibility Complex නොහොත් MHC කියලා ජානයක් අපි හැමෝටම තියෙනවා.
අපේ සිරුරට විශබීජ ආවොත් ඒවාට විරුද්ධව සටන් කරලා ශරීරය ආරක්ෂා කරගන්න MHC ජානය ගොඩක් උදවු වෙනවා. මේ ජානය ආදර සම්බන්ධතා සඳහාත් හේතු වන බව දැන් හොයාගෙන අවසන්.
අසමාන MHC ජාන පැවතීම ආදර සම්බන්ධතා වලට හේතුවක්. මේකෙන් කියන්නේ තමන්ගේ  ජානයට වඩාත් විශම වූ MHC ජානයක් විරුද්ධ ලිංගිකයෙකුගේ තියනවානම් ඒ විරුද්ධ ලිංගිකයා කෙරෙහි නිරායාසයෙන්ම ආකර්ෂණයක් ඇතිවෙනවා.
‍ජානය‍ට ජානය ගැලපෙනවද කියලා හොයාගන්න බාහිර ක්‍රමයකුත් තියනවා. ඒක වෙන්නේ මෙහෙමයි.
හිතාමතා නොවුනත් පෙම්වත් ප්‍රජාව තමන්ගේ නාසයෙන් හැම විටම විරුද්ධ ලිංගිකයන්ගේ සුවඳ ඉව කරනවා. පිරිමින්ගේ නම් දහඩිය පිරුණු කොළරය, කාන්තාවන්ගේත් පිරිමින්ගේත් කිහිලි වල දහඩිය තිබෙනවා. මේ දහඩිය ඔස්සේ තම ආකර්ෂණය ඇති කරන විරුද්ධ ලිංගිකයා ඔවුන් හඳුනාගන්නවා. MHC ජාන නිරීක්ෂණය කරන විට මෙම අසමාන MHC ජාන ඇති අය ආකර්ෂණය වන බවද සමාන MHC ජාන ඇති අය අතර සබඳතා ඉතා තාවකාලික බවද හඳුනාගෙන තිබෙනවා.
ඒ අනූව අපිට පැහැදිලියි ආදර පලහිලව් වලට රසායන විද්‍යාවේත් බලපෑමක් තියනවා කියලා.

ඉව වරදින අවස්ථාව
           
            නමුත් එක් අවස්ථාවකදී විතරක් මේ ඉව වරදිනවා. ඒ කාන්තාවක් උපත්පාලන පෙති ගන්නා විට.
            උපත් පාලන පෙති ගන්නා කාන්තාවන් තොරරාගන්නේ අසමාන MHC ජානය සහිත පුරුෂයන් නෙමෙයි. තමන්ගේ MHC ජානයට සමාන MHC ජානයක් තියෙන හවුල්කරුවන්.
මේ අනූව ලිංගික මනෝ වෛද්‍ය වරුන් දෙන අවවාදය තමයි කෙනෙක් උපත්පාලන පෙති ගන්න අදහස් කරනවා නම් ඊට පෙර තමන්ගේ සහකරු සොයාගෙන ඉන්න එක ගොඩක් හොඳයි කියලා.



ආර්තවය සමඟ වෙනස් වන සැළකිල්ල
           
ඩිම්බ මෝචනය ආසන්න වෙනවත් එක්කම ඒ කියන්නෙ ආර්තව චක්‍රය ඔසප් වීමෙන් 19 වන දිනයට ආසන්න වෙනකොට ඇය කෙරෙහි විරුද්ධ පාර්ශවයේ ඇල්ම බැල්ම වැඩිවෙනවා.
            ඒ විතරක් නෙමෙයි කාන්තාවන්ගේත් තම විරුද්ධ ලිංගිකයන් ගැන දක්වන සැළකිල්ල ඔසප් චක්‍රය පුරාවට විචල්‍ය වෙනවා.ඩිම්බ මෝචනය ආසන්න වෙනකොට ඇයගෙන් ලැබෙන සංඥා ඉතා ඉහළයි. අනෙකුත් අවස්ථා වලදී ඇය අනුරාගයට දක්වන ආකර්ෂණය ස්වෝත්සාහයෙන්ම අඩු කිරීමට උත්සාහ කරනවා.

ලිංගිකත්වය සහ ආදරය

            අද වෙනකොට ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ අනිත් පැත්තටනෙ. ලිංගිකත්වන පොහොම ලාභයට අළෙවි වන හින්දාම ආදරය, මානුෂීය හර ලෝකයෙන් පළාගිහින් තියනවා. මේ හැමදේටම හේතු වෙන්නෙ බාහිර ලෝකයෙන් ලැබෙන අහිතකර උත්තේජනයන් තමයි.   

නමුත් ලිංගිකත්වයේ පරිනාමීය කාර්යභාරය තුළ අවලිංගිකත්වය ඉතාම ගැඹුරින් බැහැර කරලා තියෙනවා. මොකද කිනවානම් සෑම පුද්ගලයෙක්ම ලෝකයේ ලිංගික සහකරුවන් සොයා යන ගමනෙදි ලක්ෂ ගණනක් සමානයන් හමු වෙනවා. මේ අයගෙන් කීප දෙනක් එක්ක ලිංගික බැඳිමක් ඇතිකර ගත්තොත් ඒක මොන තරම් අවුලක්ද නේද?

විවාහයෙන් හෝ එකඟතාවයකින් කෙනෙක් හරියටම එක් අයෙක් තෝරා ගන්නවා නම් එතැනින් ඔහුගේත් ඇයගේත් විරුද්ධ ලිංගික ආකර්ෂණයට වැටක් බැඳෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි පරිනාම ගමනේදී ස්වභාවධර්මය අපිට ආදරය කියන හැඟීම දායාද කරලා තියෙන්නේ.
ආදරය නිසා දෙදෙනෙක් අතර අනුරාගය පමණක්ම ඇති නොවී එකිනෙකා හඳුනාගැනීම‍ට සහ තේරුම් ගැනීමට අවස්ථාව ලබලා දෙනවා.


ඉතින් ඔයත් ආදරය කරනවා නම් ඔහුව හෝ ඇයව හොඳින් තේරුම් ගන්න. දෙදෙනා අතර විශ්වාසය සහ අවංක කම රැකගන්න. ආදරය වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන් කරන්න. ඔහුව හෝ ඇයට ඔබේ ආදරය දැනෙන්නට හරින්න. කිසි විටෙක ඔවුන්ව තනි කරන්න එපා. දවසක ඔයාලාටත් සුන්දර සාමකාමී ආදරය පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්න මෙයින් හැකියාව ලැබේවි. 

           
ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවොන්ට දැනගන්නත් එක්ක යාළුවො අතරත් මේ ලිපි Share කරන්න අමතක කරන්න එපා..

එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හම්බුවෙමු.  J J J J


No comments:

Post a Comment