පවුලේ පෝෂණයට කතුරුමුරුංගා



ඔයා අහලා තියන විදියට කැල්සියම් වැඩිපුරම තියෙන්නෙ මොන ආහාර වර්ගයෙද?

මේ ප්‍රශ්නෙ අහපු ගමන් ඔයාලා ගොඩක් දෙනාගෙ උත්තරේ ‘ හාල්මැස්සො ’. එහෙම නේද?  ඒත් කතුරුමුරුංගා කොළ වල තියෙන කැල්සියම් ප්‍රමාණය හාල්මැස්සොන්ටත් වඩා ගොඩාක් වැඩි බව ඔයා දන්නවාද?

Fabaceae (ෆැබේසියේ) නම් කුලට අයත් කතුරුමුරුංගා උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ Sesbania grandflora කියලා. කතුරුමුරුංගා දකින්න පුළුවන් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල විතරයි. කතුරුමුරුංගා පෝෂ්‍ය ගුණයෙනුත් ඹෟෂධීය ගුණයෙනුත් ඉතා ඉහළයි.


කතුරුමුරුංගා 100 g ක ප්‍රමාණයක
  •  ප්‍රෝටීන්         8.84 g                  
  • මේදය                       1.4 g
  • කාබෝහයිඩ්‍රේට්  11.9 g
  • කැල්සියම්       1130 mg
  • පොස්පරස්      80 mg
  • යකඩ              3.9 mg
  • කාරොටින්      මයික්‍රොග්‍රෑම් 5400
  • විටමින් E

       


අඩංගු වෙනවා.

කතුරුමුරුංගා කොළ තරම්ම නොවුනත් කතුරුමුරුංගා මලුත් පෝෂදායකයි.

ඹෟෂධීය කටයුතු සඳහා මේ ශාකයේ කොළ, මල්, මුල් සහ මැලියම් යොදාගන්නවා.

කතුරුමුරුංගා භාවිතයෙන් මළබද්ධය සුව වෙනවා.

ඔයාගෙ බඩගින්න වැඩිකරනවා.

අපස්මාර රෝගීන්ටත්, පීනස් රෝගීන්ටත් ගුණදායකයි.

තොල් පැළීම් සුව වීමටත් කට ඇතුළේ ඇතිවන උෂ්ණ බිබිලි සුව වීමටත් විදුරුමස තුවාල වුනාමත් කතුරුමුරුංගා කොළ කිරිහොදි කෑවාම ඉක්මනටම සනීප කරගන්න පුවවන්.

ඇස් පෙනීම දුර්වල නම් ඔයා කතුරුමුරුංගා කොළ ආහාරයට ගන්න. කාලයක් යනකොට ඔයාටම තේරේවි ඔයාගෙ පෙනීම වැඩිවෙනවා කියලා.

ඒ වගේම මොළයට, ස්නායු පද්ධතියට අතිශය හිතකර ආහාරයක් තමයි කතුරුමුරුංගා.

කතුරුමුරුංගා මල් උෂ්ණත් නැති ශීතලත් නැති ඇඟ සිසිල් කරවන ඔසුවක්. ශරීර ශක්තියත් වර්ධනය කරනවා.

හිසරදයට සහ කල්ගත වූ පීනසයට :

            කතුරුමුරුංගා කොළ යුෂ බිංදු 05ක් තල තෙල් බිංදු 05ක් සමඟ මිශ්‍ර කර හැන්දකට අරගෙන උතුරන වතුර මත තබා රත්කර නිවුන පසු බීමෙන් එයාට සහනයක් ලබන්න පුළුවන්.

තොල් පැලීමට :

කතුරුමුරුංගා මල් සහ කොළ රතුළූණු එක්ක උයලා කාලා බලන්න. ඔයාගෙත් තොල් තුවාල වෙලානම් අනිවාර්යයෙන් සුවයක් දැනෙයි.


 මේ වගේ පෝෂණ ගුණයෙන් අනූන කතුරුමුරුංගා ගහක් ඔයාගෙ ගෙදරත් තියනවා නම් ආහාරයට එකතු කරගත්තාම ඔයාටත් හොඳ ශරීර සෞඛ්‍යකින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නේද?

    ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවො අතරත් Share කරන්න අමතක කරන්න එපා..

 එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හමුවෙමු.  J J J J


No comments:

Post a Comment