හාදු දීමත් අනතුරුදායකයි !

හාදු දීමත් අනතුරුදායකයි !



“ හාදුව ” සිත ප්‍රබෝධමත් කරන හෘදයාංගම ත්‍යාගයක්. අපි කාට දුන්නත් හාදුව ප්‍රකාශ කරන්නේ ආදරය සහ සමීප බැඳීම. අපි තරහකාරයන්ට හාදු දෙන්නේ නහැනෙ. එහෙම නේද?
ඒත්......... ; හාදුව ආදරයේ ස්නේහයෙන් තිළිණ කළත් වෛරස සහ බැක්ටීරියා මඟින් ඇති කරන ‍රෝගාබාධ 500 ක පමණ නිහඩ අනතුරක්ද ගෙනෙනවා කියලා චිකාගෝ වල නෝර්ත් වෙස්ටර්න් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලුවී ස්මිත්  මහත්මයා කියනවා.
හාදුව විෂබීජ සම්ප්‍රේශනයට ඇති කදිම මාධ්‍යයක් බවත් හාදුව තුළ වෛරස බිඳිති වලට ගුණනය වීමේ ප්‍රශස්ත උශ්ණත්වයක් සහ අනෙකුත් පෝෂණ සාධක තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. රෝගකාරක වෛරසය තුළ තවත් සිරුරක් ආක්‍රමණය කළ හැකි සුවිශේෂී ප්‍රෝටීන ආවරණයක් ( glycoprotein envelope ) වන neuraminidase තිබෙනවා. මේ ප්‍රෝටින එන්සයිමය නාසයේ, උගුරේ සහ පෙනහළු සෛල තුළ නීරෝගී සෛල වල එල්ලිලා තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්නවා. Nemagglutinin එන්සයිම සෛලයක ඉඳලා තවත් සෛලයකට ප්‍රචාරණය වීමට සමත්. ගුණනය වන වෛරසය එක්තරා අවස්ථාවකදී පුපුරා යාමත් සමඟ ආසාදනය සිරුර පුරා ඇරඹෙනවා.
කිවිසුම් යාම, පේෂි විඩාව, උණ, සොටු දියර ගැලීම සහ උගුර කැසීම ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නේ ලිම්පොසයිට නමින් හැඳින්වෙන සුදු රුධිර සෛල ආසාදනයට විරුද්ධව ක්‍රියාත්මක වෙනකොටයි. සාමාන්‍යයෙන් හාදුවක් මේ ආකාරයේ විනාශයක් කළාට පස්සේ අවසන් ප්‍රතිඵලය ලැබීමට සති දෙකක් විතර යනවා.
කොහොම වුනත් හාදුව කොච්චර හෘදයාංගම වුනත් මීළඟ වතාවේ හාදුවක් දෙනකොට වගේම හාදුවක් ලබන කොටත් විමසිලිමත් වුනොත් හොඳයි. J J J J


*    තවත් ලිපියකින් නැවත හමුවෙමු.  J J J J

No comments:

Post a Comment