සම සුරකින ආහාර 07ක්

       ඔයාගෙ සම ගැන ඔයා කොයිතරම් සැළකිලිමත්ද? සම ගැන තියෙන ඔබේ සැළකිලිමත්කම, ඔයා එදිනෙදා ආහාරයට එකතු කර ගන්න කෑම වර්ග හරහා වැඩි කර ගන්න පුළුවන් කියන්නෙ ඔයා දැනටමත් දන්න දෙයක්.
අපි අද ඔයාලට කියන්න යන්නෙ ආහාර සහ පානයන් වර්ග 07කින් ඔයාගෙ සම සුරක්ෂිත කරන්න වැඩකරන්නෙ කොහොමද කියලා.
එහෙනම් කියවලාම බලමු නේද?  
        
         01. අලිගැටපේර - Avocado
     
අලිගැටපේර කියන්නේ පෝෂ පදාර්ථ ගොඩක් වැඩි පලතුරක්. ඇත්තටම කනවා වගේම මේවා වියළි සම මතුපිට  ආලේපනයෙන් සමෙහි තෙත් ගතිය වර්ධනය වෙනවා.
ඒ වගේම නියපොතු දිරායාම සහ කාන්තාවන් බොහෝදෙනා මුහුණ දෙන කොණ්ඩයේ අග පුපුරා යාමත් නවත්වාගන්න ඕන නම් අලිගැටපේර ඔයත් ආහාර වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා.. J J J J
විද්‍යාව පැත්තෙන් ගත්තාම අලිගැටපේර වල තියෙන බයොටින් නම් රසායනික සංයෝගය හින්දා තමයි මේ වෙනස වෙන්නෙ.


       02. Green Tea


Green tea පානයක් විධියට අද කාලෙ ගොඩක් ජනප්‍රියයි. මේ නිසා ඔයාගේ සමේ ඇතිවෙන වෙනස සතියකින් වගේ ඔයාටම ‍පේන්න ගන්නවා. සම දීප්තිමත් වෙලා නිරොගිතාවයෙන් නිරෝගීතාවයට පත්වෙනවා.

පිළිකා කාරක මර්ධකයක් විධියටත් ක්‍රියාකරන මේ Green tea වල ති‍බෙන පොලිපිනෝල් කියන සංයෝගය මීට දායක වෙනවා.





        03.          තක්කාලි - Tomato


            තක්කාලි ඇත්තටම පළතුරක් වුනත් ගොඩක්දෙනා තක්කාලි එළවළුවක් ‍විදියට භාවිතා කරනවා.  තක්කාලි වල තියන හොදම වගේම අපිට ගොඩන් වාදගත් රසායනිකය තමයි ලයිකොපේන්. ඒ ව‍ගේම කැරොටිනයිඩ බහුලව   අඩංගු ආහාරයක් ලෙසත් තක්කාලි හදුන්වන්න පුළුවන්.

           තක්කාලි ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර සාදාගන්නා තලපය පිළිස්සුනු සමට හොඳ ප්‍රතිකාරයක්. තව කියනවානම් තක්කාලි සිවිය වියළි දෙපා වල ආලේප කරනවානම් දෙපා වල තෙතමනය ආරක්ෂා වෙනවා.

              වැඩිපුර තක්කාලි ආහාරයට ගැනීමෙන් සම මත මුක්ත ඛණ්ඩක යාන්ත්‍රණය බල ගැන්වීමෙන් ඇතිවෙන සෛලීය ආපදාවන් මැඩලීමේ හැකියාවත් වැඩියි.



               04.           සැමන් - Salmon / Tuna / Sardines



ඔයාලාගේ සම වියපත් වීම වළක්වා ගන්න ඕන නම් සැමන් වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.
සැමන් වල තියෙන Astaxanthin සංයෝගය සමේ ඇදෙන සුලු බව සුරක්ෂිත කිරීමටත් ගොඩක්ම දායක වෙනවා. J J


              05.        බිත්තර -  Egg



     බිත්තර අපි හැමෝම දන්න මාසෙකට එන පාරක් හරි ආහාරයට එකතු වෙන දෙයක්. බිත්තර සාමාන්‍යයෙන් සතියකට එක පාරක් පමණක් ආහාරයට එක්කරගත යුතු බවයි වෛද්‍ය මතය වෙන්නෙ.

බිත්තර වල අඩංගු පෝෂක ප්‍රමාණය ඉතා ඉහළයි. විශේෂයෙන්ම බිත්තර හිසේ සම පෝෂණය කරන සංයෝග බහුල ආහාරයක් ලෙස සැළකෙනවා. හිස කෙස් ආශ්‍රිත ගැටළු බොහෝමයකට බිත්තර සුදුමදය ආලේප කිරීමෙන් පිළියම් වාගේම දීප්තිමත් සුන්දර කෙස් කළඹක් හිමි කර ගැනීමටත් හැකියාව තිබෙනවා.


         06.     දෙළුම් - pomegranate

  
දෙළුම් අනර්ඝ පළතුරක් කියලා අවිවාදයක් නැතිවම ඔයාලා කවුරුත් පිළිගන්නවා නේද? දෙළුම් යුෂ ශරීරයේ ගැල්වීමෙන් ඒ මත කොලැජන වර්ධනය වී සමට දීප්තියක් ඒ වගේම සමට මනා පෝෂණයකුත් ලබා දෙනවා.

දෙළුම් ආහාරයට එකතු කර ගන්නා ඔබට මුතු කැට වන් දත් දෙපළක වගේම දීප්තිමත් ඇස් දෙකක හිමිකාරියක හෝ හිමිකරුවකු වන්නට පුළුවන්.


         07.       රනිල ධාන්‍ය - Grains



මේ දේ නම් ඔයාලට අළුත් ඇති නේද? බෝංචි, මෑ වගේ රනිල කුලයේ ධාන්‍ය ඇට වර්ග ඉතා අගනා ප්‍රෝටීන ප්‍රභවයක්. ජීර්ණයේදී ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය වන මේවා සම මත සිදුවෙන සෛල ආපදාවේ හානි පූරණයට ඉතා වැදගත්වෙනවා.   

ගෙවුණු පැරණි සෛල ඉක්මනින් වැඩීමට සැලැස්වීමෙන් සෛල යථා තත්වයට පත්කරනවා. ඒ වගේම කොලැජන වැඩීමටත් පකාරී වෙනවා.

          සමස්තයක් විදියට ගත්තාම සෛල මත පුනර්ජීවනයක් ඇති කරනවා.

      මේ දේවල් වලින් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් ඒවා ක්‍රියාත්මක කරලා බලන්න. ඔයාටත් සුන්දර නිරෝගී පෙනුමක් ලැබේවි.

තවත් ලිපියකින් නැවත හමුවෙමු.  J J J J





No comments:

Post a Comment